Tuesday, December 23, 2014

වියළි සෙවණක් මම -I dry shelter

ළදලු තණ බිම් අතර සීතල
මා උස් පරඩැල් ගසකි වියළි
බැටලුවනි තණ බුදින
වෙහෙස විට එන්න
මා සතුව ඇත තවමත්
ගිම් නිවන්නට සෙවණ බිදුවක්..

My heart cries for your love-ඔබේ ආදරය වෙනුවෙන් මගේ හදවත වැළපෙයි

ගගක් නම් ගැලිය යුතුමය
විලක් හෝ ළග නතර විය යුතුවෙය
නොවන්නේ නම් එය
මිහිදන්ව නිහඩ යුත විය

ඔබේ ආදරය වෙනුවෙන් මගේ හදවත වැළපෙයි
මට අහිමි දෑ වෙනුවෙන් මගේ හදවත ළතැවෙයි


clay hut heart- මගේ හදවත පැලකි.


රිදී නුලක් අදිමින් ඇස් කොනින්..
මාවතක් එලුවෙමි ඔබට එන්නට...
වනසපුන් මග හරස්වනු ඇතියෙන්
කෙත්වතු ඇතිරුවෙම් ඒ අසබඩින්
අමතක වීය මට මල් තියන්නට
මැවුවත් සෙවණ දෙන්නට ගස් අතරින් පතර


නවාතැන් දෙන වෙනත් මන්දිර තිබෙන බව මග
අමතක වීය මට
මගෙ පැළට මෙපිටින්!!

Monday, December 22, 2014

නිහඩ සදු -The silent moon

කඩා වැටෙනැති කදු
හිම දියවී ගලයි ගිනි කදු
පතුලක ගුලිව නිදියයි මුහුදු
සුසුමක් නැතිව නිහඩවෙයි සඳු
Country Road Backgrounds 6730 Hd Wallpapers

මං පෙත වසා වල් වැවෙනු ඇති

මේ මග ඔබ හමුනොවනු ඇති
මේ ගමට ඔබ කිසිදින නොඑනු ඇති
මේ කදු ඔබේ ඇස් නොදකිනුද ඇති
දිගුකළ දෑත් සුළග අකුලාගනු ඇති

Wednesday, December 10, 2014

හුස්ම

La Chrysalidre photo
රන් සුණු අතර බොදවී යන්න
රිදී කෙදිමත වියැකෙන්න
දිලුසුමක මතක අමතක වෙන්න
සිලි සිලි හුස්ම දැන් නවතින්න..

Tuesday, December 9, 2014

ලුණු

Snowy mountain peak above the clouds wallpaper

දැනෙන
නොදැනෙන
හැගෙන
නොහැගෙන
ඉමක්
කුමටද
බිඳක්
වෙනු මිස..