Wednesday, November 4, 2015

ඔබ දන්නවද

ඔබ දන්නවද ම‍ගේ සිත ගැන.
අඩුම තරමින් මා ගැන.

ආ‍ලෝක වසර ගණනක් පරණ තරු එළිය.ඒත් හරි අලුත් වා‍ගේ දැ‍නෙන.

මා ඔ‍‍බේ සමතල ග්‍රහ‍‍ලොවට යටින් ඇති ‍නො‍පෙ‍නෙනා ධුවිලි ‍කේතුවක්
ඔබ දන්නවද මා ගැන.
ඔබ දන්නවද ම‍ගේ සිත ගැන.

මා ආද‍රේ බව ඔබට
ඔබ කවදාවත්ම දන්නවද

Saturday, October 10, 2015

ගස්



ඔබ දුකින් යැයි මට සිතෙනවා
මා දුකින් යැයි ඔබ සිතනවා..
පෙනනෙ නොපෙනෙන දුරක ඔබ ඉන්නවා
දැනෙන නොදැනෙන ලෙසය සුළගක් හමනවා..
ඔබ වසන්තය අරන් ඒ යැයි මා බලා ඉන්නවා.
මල් පිපෙන්නට ඔබ බලා ඉන්නවා..
හිත මිතුරු එකම සුදු සුළගක්
සේලයක්වී අප ගැටගසනවා...

නිල් පාට අහසේ 
තවමත්
දිස්නය
ගලනවා

Wednesday, September 30, 2015

පෙගුනු රෝසමල්

Image result for rain on rosesපාන්දරට පොද වැහි වැටෙනවා ඇහෙනවා
පොරෝනයට තතව ටිකක් තුරුල් වෙලා .ඇහැරිල්ල පමා කරගන්නවා.
ටිකකින් ළා ඉර එළිය රැ වැහි පොද යන්තමින් තවනවා.

දම්පාට වලාවක් එකපාරට ඉහළින් මැවෙනවා. ආයේත්...සිරි සිරියට වැහි පොද වැටෙනවා.

දවස පුරා කඩින් කඩ එළිය වැටෙනවා.
අදුර වැටෙනවා.
Image result for rain on rosesපොද වැටෙනවා.
වැහි වැටෙනවා.

අට පෙති මල් නැමිලා බිම බලාගන වැහි ගීත අහනවා.
තෙත බරිත රෝසමල් වැහි දරාගෙන ඉන්නවා.
Image result for rain on roses

Tuesday, September 29, 2015

නිවුන්නු - twin

“මගේ ලස්සන මුහුණ ඔබට පෙන්නන්නද,දෙන්නද??“

කවුළු වල ළා ඉර එළිය තැවරෙද්දි, ඇස් අරින්නැතිව, අද මොනවද කරන්නේ කියා හිතමින් ඉන්න කො ඔබෙන් අහන්නට හිතුණා.

ඉ ර පෑවුවා.මං පින්තූර ඇල්බමය පෙරලුවා.

තුෂාරයෙන් මිදෙන ඉර එළියට මෙහායින්, හිම දියවෙන ශිඛර පාමුල,පාන්දර සීතල ට ගැහෙන විල් ඈත ඈත විල් තෙරේ, අත් බැදන් ඉන්න මේක යවනවද...පැන්සල් කූරු කකුලුත් එක්ක..

නැතිනම්,

කහ පාට තරු මල් පිපුණු තණ බෑවුමේ පෙරලී ඉන්න මේක..???

ඒ අතර,
 අපි “දෙන්නාම එක වාගේ“ලු ,ඔබ කියනවා.

මං ඈ දිහා බලනවා.
කැඩපතකින් මං දිහා බලනවා වගෙ මට දැනෙනවා.
පෙනුමින්, හිනාවෙන්, බැල්මෙන්,ඉගියෙන්,ඉරියව්වෙන් අපි එකවගෙයි.
පෙනෙනෙ -දේ මෙන්ම නොපෙනෙන දෙයිනුත්.
 ඒත්,
ඇය  සමඋෂ්ණ කදු මුදුනක පැලවෙද්දි
මා පැලවෙන්නේ කාන්තාරයක..
නැතිනම්, වෙනසක් නැතිම වෙයි.
අපි එකම අත්තක පිපුණානම් කියා මට හිතෙනවා.

ඒත්, කියන්න ...
ඔබට මා ඇය වගේද??
නැතිනම් ,
ඇය මං වගේද???




Monday, September 21, 2015

රතු පාට වැහි

සීතල හවස්වරුවල
හිම මිදෙයි කදු  වල
ගලා ගිය දියපහරවල
දිය නොගලයි ඉතින් තව...

එකිනෙක එතී උස යන
කුඩා මිටි වැල්වල
පොළොවට ගෙඩි ඉදේ
වැල් වලට නොමදැන....

රතු පැහැ වැහි වැටෙයි
සරත් සමයක හුරු ලෙස

Friday, September 18, 2015

මිහිදුම

මට දැනේ මගෙ දෙයක්
කවුරු හෝ හොරාගෙන .....
නිදා සිටි විටක නොව
ඇහැරිලා හිටි විටක....

පාලු කලුවරක නොව
මහ සෙනග ඇති තැනෙක
සොරාගත් දෙය සොයමි
එය කුමක්දැයි නොදැන...

Friday, September 4, 2015

confused

ඔබ මිහිරි සිහිනයකි
සරත් කල සර සරය ඇති
ලාකල රන් පැහැය ඇති.
පියාපත් පිරි යහනකි.