Wednesday, June 15, 2016

tower of sunrays



A one moment
After long long lightness years,
I forgot all about of light.
Rays which show the way.

At last
I Realize
the only thing I need is
All I need is
the dark
alone
cold tower.

සමහරවිට



සමහරවිට
අහසේ තරු පායාවි
සමහරවිට
නොපායාවි..

සමහරවිට
හිම වැටෙයි කියා ආයෙම
නොහිතුවත්
ගිම්හානයේ මැදක වුනත්..
නොදන්වා රැයක වැටි හිම
කටුතුඩු වගේ උදෑසන නිරුවත් පතුල් රිදවාවි..


සමහරවිට
මගේ මිදුලෙත් රන්පාට සිව්පත් මල් ඇහැරේවි..
ඒත්..
ඔබ නැතිව..
රතු දෙව්දුරු අරටුද දෙදරාවි.

Sunday, March 27, 2016

දෙව්දුරු අකුණු

අලුත් ඉර එළියේ පරණ අතීතයේ සුවදක් ලාවට කැවතිලා තියෙනවා.
පිනි අහුරුවලින් අදුරේ නැහැවුනු ගස් අගිසිවලින් රන්පාට විසිරෙනවා.

සුදෝ සුදු සේද සලු අහසේ නොපේන කොහේ හෝ හොයාගන්න බැරි තැනක හැංගිලා.
ආලෝකයෙන් ලස්සනම ආලෝකය
කණාමැදිරි එළියද
රෑ නිල්පාට අදුර අතරින් ඇහිපිල්ලම් ගහන විදුලි සරද

Wednesday, November 4, 2015

ඔබ දන්නවද

ඔබ දන්නවද ම‍ගේ සිත ගැන.
අඩුම තරමින් මා ගැන.

ආ‍ලෝක වසර ගණනක් පරණ තරු එළිය.ඒත් හරි අලුත් වා‍ගේ දැ‍නෙන.

මා ඔ‍‍බේ සමතල ග්‍රහ‍‍ලොවට යටින් ඇති ‍නො‍පෙ‍නෙනා ධුවිලි ‍කේතුවක්
ඔබ දන්නවද මා ගැන.
ඔබ දන්නවද ම‍ගේ සිත ගැන.

මා ආද‍රේ බව ඔබට
ඔබ කවදාවත්ම දන්නවද

Saturday, October 10, 2015

ගස්



ඔබ දුකින් යැයි මට සිතෙනවා
මා දුකින් යැයි ඔබ සිතනවා..
පෙනනෙ නොපෙනෙන දුරක ඔබ ඉන්නවා
දැනෙන නොදැනෙන ලෙසය සුළගක් හමනවා..
ඔබ වසන්තය අරන් ඒ යැයි මා බලා ඉන්නවා.
මල් පිපෙන්නට ඔබ බලා ඉන්නවා..
හිත මිතුරු එකම සුදු සුළගක්
සේලයක්වී අප ගැටගසනවා...

නිල් පාට අහසේ 
තවමත්
දිස්නය
ගලනවා

Wednesday, September 30, 2015

පෙගුනු රෝසමල්

Image result for rain on rosesපාන්දරට පොද වැහි වැටෙනවා ඇහෙනවා
පොරෝනයට තතව ටිකක් තුරුල් වෙලා .ඇහැරිල්ල පමා කරගන්නවා.
ටිකකින් ළා ඉර එළිය රැ වැහි පොද යන්තමින් තවනවා.

දම්පාට වලාවක් එකපාරට ඉහළින් මැවෙනවා. ආයේත්...සිරි සිරියට වැහි පොද වැටෙනවා.

දවස පුරා කඩින් කඩ එළිය වැටෙනවා.
අදුර වැටෙනවා.
Image result for rain on rosesපොද වැටෙනවා.
වැහි වැටෙනවා.

අට පෙති මල් නැමිලා බිම බලාගන වැහි ගීත අහනවා.
තෙත බරිත රෝසමල් වැහි දරාගෙන ඉන්නවා.
Image result for rain on roses

Tuesday, September 29, 2015

නිවුන්නු - twin

“මගේ ලස්සන මුහුණ ඔබට පෙන්නන්නද,දෙන්නද??“

කවුළු වල ළා ඉර එළිය තැවරෙද්දි, ඇස් අරින්නැතිව, අද මොනවද කරන්නේ කියා හිතමින් ඉන්න කො ඔබෙන් අහන්නට හිතුණා.

ඉ ර පෑවුවා.මං පින්තූර ඇල්බමය පෙරලුවා.

තුෂාරයෙන් මිදෙන ඉර එළියට මෙහායින්, හිම දියවෙන ශිඛර පාමුල,පාන්දර සීතල ට ගැහෙන විල් ඈත ඈත විල් තෙරේ, අත් බැදන් ඉන්න මේක යවනවද...පැන්සල් කූරු කකුලුත් එක්ක..

නැතිනම්,

කහ පාට තරු මල් පිපුණු තණ බෑවුමේ පෙරලී ඉන්න මේක..???

ඒ අතර,
 අපි “දෙන්නාම එක වාගේ“ලු ,ඔබ කියනවා.

මං ඈ දිහා බලනවා.
කැඩපතකින් මං දිහා බලනවා වගෙ මට දැනෙනවා.
පෙනුමින්, හිනාවෙන්, බැල්මෙන්,ඉගියෙන්,ඉරියව්වෙන් අපි එකවගෙයි.
පෙනෙනෙ -දේ මෙන්ම නොපෙනෙන දෙයිනුත්.
 ඒත්,
ඇය  සමඋෂ්ණ කදු මුදුනක පැලවෙද්දි
මා පැලවෙන්නේ කාන්තාරයක..
නැතිනම්, වෙනසක් නැතිම වෙයි.
අපි එකම අත්තක පිපුණානම් කියා මට හිතෙනවා.

ඒත්, කියන්න ...
ඔබට මා ඇය වගේද??
නැතිනම් ,
ඇය මං වගේද???